බොලිවියා ජනපති ධුරයෙන් යයි

2019-11-11 at 10:53

බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිඛෙනවා.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු නැවත වරක් තේරී පත්වුණද ජාත්‍යන්තර නිරීක්ෂකයන් ඇතුලු පාර්ශව රැසක් අවධාරණය කලේ මැතිවරණ ප්‍රථීඵල ශුන්‍ය කර යළි මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව බොලිවියාව තුල දැවැන්ත විරෝධතා ආරම්භ වූ අතර ඊට ආරක්ෂක අංශවල සහයෝගයද හිමිවීම විශේෂත්වයක්.

එල්ලවන දැඩි පීඩනය හමුවේ බොලිවියා ජනාධිපති ඊවෝ මොරාලේ මහතාට ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවයි විචාරක මතය වන්නේ.