මත්පැන් වෙනුවට Sanitizer බිවු 10 දෙනෙකු ඉන්දියාවේදී මරුට

2020-08-01 at 09:49

මත්පැන් සඳහා විකල්පයක් ලෙස ඇල්කොහොල් අඩංගු දෑත් සේදුම් කාරක පානය කල පුද්ගලයන් 10 දෙනෙක් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේදී මියගොස් තිබෙනවා.

ඔවුන් වාසය කරන ගම්මානය මේ වනවිට වසා දමා ඇත්තේ කොරෝනා අවධානම හේතුවෙනුයි.

ඒ අනුව සුරාසැල් ද වසා දැමීම හමුවේ විකල්පයක් ලෙස ඔවුන් විසින් මෙම දෑත් සේදුම් කාරක ජලය සමග මිශ්‍ර කර පානය කර තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත බළධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට ඉන්දියාව කොරෝනා මරණ සංඛ්‍යාව අතින් ලොව 05 වන ස්ථානයට පත්ව ඇත්තේ සමස්ත මරණ 36 551 ක් වාර්තා කරමිනුයි.