මිලානෝ රියැදුරා පැහැරගත් බස් රථයට ගිනි තබයි

2019-03-21 at 06:50

පාසල් සිසුන් 51 දෙනෙකු රැගත් බස් රථයක් ඉතාලියේ මිලාන් නගරයේද් පැහැරගත් එහි රියදුරා රථයට ගිනි තබා තිබෙනවා.

කෙසේවෙතත් සිසුන්ට හෝ ගුරුවරුන්ට එහිදී කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

දුමාරය ආඝ්‍රාණය වීම හමුවේ 14 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඉතාලිය තුල ක්‍රියාත්මක සංක්‍රමණ ප්‍රතිපත්තියට විරෝධය පළකර අදාළ සෙනගාල ජාතික රියදුරා ඊට පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි සඳහන්. ඔහුට මීට ඉහත අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා පවතින බවද සඳහන්.

කෙසේවෙතත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇතිද යන්න මේ දක්වා තහවුරු වී නැහැ