මිෂෙල් ඔබාමාගේ පොත වාර්තා තියයි

2018-12-01 at 10:30

මෙම වසරේ අමෙරිකාවේ වැඩිම අලෙවිය සහිත ග්‍රන්ථය බවට අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා විසින් රචිත නිබන්ධනය පත්වී තිඛෙනවා.

එය නිකුත් වී දින 15 ක් ඇතුළත පිටපත් ලක්ෂ 20 ක් පමණ අලෙවි වී ඇති බව සඳහන්.

එමෙන්ම ඔස්ටේ්‍රලියාව / මහා බි්‍රතාන්‍යය / ප්‍රංශය / ජර්මනිය / දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාවේද මෑතකාලීනව වැඩිම අලෙවියක් සහිත ග්‍රන්ථය බවට එය පත්වී තිඛෙනවා.

ජනාධිපති බිරිඳ ලෙසත් ඉන් අනතුරුවත් මුහුණ පෑ අත්දැකීම් මිශෙල් ඔබාමා මහත්මිය මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති අතර එමගින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩි විවේච්චනයකට ලක් කර තිඛෙනවා.

Please follow and like us: