මුම්බායි ගුවන් මගී පාලමක් කඩාවැටී 5 ක් මරුට

2019-03-15 at 07:10

ඉන්දියාවේ මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය ආසන්නයේදී ගුවන් මගී පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තිඛෙනවා.

තවත් 30 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සුන්බුන් අතර පිරිසක් සිරවී සිටින බවද සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව කණගාටුවට පත්වන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කලේ.

Please follow and like us: