යුරෝපා සංගමයෙන් ෆේස්බුක් හා ට්විටර්ට දැනුම්දීමක්

2018-09-13 at 08:43

ත්‍රස්ථ හිතවාදී සියලුම පළකිරීම් පැයක් ඇතුළත ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ෆේස්බුක් / ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය රැසකට දැනුම්දී තිඛෙනවා.

එසේ නොකළහොත් අතිවිශාල දඩයකට යටත්වීමට ඔවුන්ට සිදුවනු ඇති බවටයි යුරෝපා සංගමය අනතුරු අගවා ඇත්තේ.

අයි එස් සටන්කාමීන් ඇතුලු ත්‍රස්ථ සංවිධාන සමාජ මාධ්‍ය යොදාගනිමින් සිය ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සැළකිල්ලට ගෙනයි මෙම නියෝගය පණවා ඇත්තේ.