රෝහලකට කඩා පැණ පහරදීමේ චෝදනාවකට අගමැතිගේ ඥාති පුතෙක් අත්අඩංගුවට ගන්න හොයයි

2019-12-14 at 07:40

රෝහලක සිදුවූ පහරදීමකින් රෝගීන් 3 දෙනකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

හසන් නියාසි නම් සැකකරු මේ වනවිට ලාහෝර් නුවර ඔහු පදිංචි නිවසින් පළාගොස් ඇති බව සඳහන්.

අදාළ රෝහලේ වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් පිරිසක් අතර හටගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් දැඩි ගැටුම්කාරී වාතාවරණයක් හටගෙන තිබුණා.

ඉම්රාන් ඛාන්ගේ ඥාති පුත්‍රයාද එහි පෙරමුණේ සිටි බවටයි චෝදනා එල්ල වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥයන් 80 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 46 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.