ලොව දැවැන්තම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවෙන් අද ඇරඹෙයි – අමෙරිකාවේ මරණ ලක්ෂ 04 පනී

2021-01-16 at 08:04

ලොව දැවැන්තම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල ඉන්දියාවෙන් අද ආරම්භ වනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් පෙරවරු 10 යි 30 ට එහි සමාරම්භක වැඩපිළිවෙල ආරම්භ වනු ඇති.

පළමු අධියරේදී සෞඛ්‍ය සේවකයන් හා ප්‍රමුඛ පෙල අවධානම් සේවකයන් කෝටි 03 ක් එන්නත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ඉන්දීය නියෝජිතායතනය සහ භාරත් බයෝටෙක් සමාගම නිපදවන ලද එන්නත් දෙක මෙලෙස එන්නත් කෙරෙනවා.

අද දිනයේදී ස්ථාන 3000 ක එකවර එන්නත්කරණය සිදුකෙරෙන අතර සෑම ස්ථානයකම පුද්ගලයන් 100 ක් එන්නත් කිරීමට නියමිතයි.

මේ අතර අමෙරිකාවේ සමස්ත කොවිඞ් ආසාධිත මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී මරණ 3805 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට පවතින්නේ හාර ලක්ෂ 1856 ක් ලෙසයි.

එරට ආසාධිතයන් ගණන මේ වනවිට පවතින්නේ දෙ කෝටි 41 ලක්ෂ 2429 ක් ලෙසයි.