ලොව පුරා කොරෝනා ආසාධිතයන් කෝටි 06 ඉක්මවයි

2020-11-25 at 06:44

ලොව පුරා කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව කෝටි 06 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් පන් ලක්ෂ 34 දහස් 314 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

අමෙරිකාවෙන් මේ වනවිට ආසාධිතයන් එක් කෝටි 29 ලක්ෂ 51 දහසකට වැඩි ආසාධිතයන් සටහන්වී තිබෙනවා.

එරට මුලු මරණ සංඛ්‍යාව 2 ලක්ෂ 65 දහස් 871 ක්.

ඊයේ දිනයේදි අමෙරිකාවෙන් කොවිඞ් මරණ 2166 ක් සටහන්ව තිබුණා.

ඉන්දියාවේ මුලු ආසාධිතයන් සංඛ්‍යාව 92 ලක්ෂ 21 දහසක් ලෙසයි පවතින්නේ.