ලොව ලොකුම ධනවතා දික්කසාද වෙයි

January 10, 2019

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසන් වෙබ් අඩවියේ ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඛෙසෝස් බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමට තීරණය කර තිඛෙනවා.

ඔවුන් වසර 25 කට ආසන්න කාලයක් සිය විවාහ දිවිය ගත කර තිබුණා.

මින් ඉදිරියට මිතුරන් ලෙස පමණක් කටයුතු කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර තිබුණේ.

ලොව වැඩිම වත්කමක් සහිත සමාගම බවට ඇමසන් සමාගය මයික්‍රොසොෆ්ට් සමාගම අභිබවා යාමට සමත්වූයේ පසුගිය සතියේදීයි.

ඒ අනුව ජෙෆ් ඛෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා බවට නම්කෙරුණු අතර ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 137 ක් ලෙස ගණන් බලා තිඛෙනවා.