නවසීලන්තයේ ගිණි කඳු පිපිරීමෙන් 8 දෙනෙකු අතුරුදන්

2019-12-10 at 06:40

නවසීලන්තයේ වයිට් අයිලන්ඞ් හි සිදුවූ ගිණි කඳු පිපිරීමෙන් 8 දෙනෙකු තවමත් අතුරුදන් බව එරට පොලිසිය පවසනවා.

පුද්ගල මරණ 5 ක් මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර ඔවුන් කුමන ජාතිකයන්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

34 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්වූ අතර ඉන් 31 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. මියගිය 5 දෙනා අතුරින් 3 දෙනෙකු ඔස්ටේ්‍රලියානු ජාතිකයන් බවට සැක මතුවී ඇතැයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සඳහන් කලා.

ගිණි කඳු පිපිරීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ සංචාරකයන් ලෙස පැමිණි ඔස්ටේ්‍රලියානුවන් 24 දෙනෙකු සිටි බව ආනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබූ සහ අතුරුදන්වූවන් අතර අමෙරිකානු / චීන / මැලේසියානු සහ නවසීලන්ත ජාතිකයන්ද වන බව සඳහන්.