විනාඩි 05 න් කොරෝනා ප්‍රථිඵල දෙන ක්‍රමයක්

2020-10-15 at 16:17

විනාඩි 05 ක් තුළ කොරෝනා පරීක්ෂණ ප්‍රථිඵල දිය හැකි ක්‍රමයක් මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වාදී තිබෙනවා.

ගුවන් තොටුපළ සහ මහා පරිමාණ කාර්යාල තුළ එය ක්‍රියාත්මක කිරීම මගින් කඩිනමින් කොරෝනා පරීක්ෂණ ලබාගත හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ලබන වසරේ ආරම්භයේ සිට මෙහි අත්හදා බැලීම් සිදු කෙරෙන අතර අනුමැතිය ලැබීමෙන් මාස 06 කට පසු එය භාවිතයට ගැනෙනු ඇති.

අනෙක් රෝගවලින් කොරෝනා වෛරසය වෙන්කර හඳුනාගැනීමට මෙම නව ක්‍රමයට ඉහළ හැකියාවක් ඇති බවයි ඔක්ස්ෆර්ඞ් විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ.