වෙඩි වැදුණු නවසීලන්ත ඉස්ලාම් දේවස්ථාන යලි විවෘතයි

2019-03-22 at 06:24

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර වෙඩි ප්‍රහාර එල්ලවූ අල් නූර් සහ ලින්වුඩ් ඉස්ලාම් දේවස්ථාන සිකුරාදා යාඥා සඳහා අද නැවත විවෘත කෙරුණා.

පසුගිය සිකුරාදා එම දේවස්ථාන දෙකට කඩාවැදුණු ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු සිදුකල වෙඩි තැබීම්වලින් මියගිය ගණන 50 ක්.

ඔවුන් වෙනුවෙන් අද නවසීලන්තය විනාඩි 2 ක නිහඩතාවයක්ද අනුගමනය කල බවයි එරට වාර්තා සඳහන් කලේ.

අද දහවල් පැවති යාඥා සඳහා ඉස්ලාම් බැතිමතුන් නොවන විදේශිකයින් 3000 ත් 4000ත් අතර පිරිසක්ද සහභාගී වී සිටීම විශේෂත්වයක්.