ෂොයිබ් මලික් රිය අනතුරකට ලක්වෙයි

2021-01-11 at 09:02

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිඩක ෂොයිබ් මලික් රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේරාත්‍රියේ ලාහෝර් නුවදිී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ඔහුට හානියක් සිදුව නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ෂොයිබ් මලික් ගමන් කළ මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පකිස්ථාන සුපර් ලීග් තරගාවලියට අදාල වැඩසටහනකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

තමන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි අනතුරෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ෂොයිබ් මලික් දැනුම් දී තිබුණේ.