ස්පාඤ්ඤය කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 10 ඉක්මවූ පළමු යුරෝපා රට වෙයි

2020-10-22 at 07:21

කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 10 ඉක්මවා ගිය පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත්ව තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී එරටින් සටහන් වූ රෝගීන් 16 973 දෙනාද සමගයි.

මේ අනුව කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 10 ඉක්මවා ගිය 06 වන රට බවට ස්පාඤ්ඤය පත්වනවා.

අනෙකුත් රටවල් වන්නේ අමෙරිකාව / ඉන්දියාව / බ්‍රසීලය / රුසියාව සහ ආර්ජන්ටිනාවයි.