සිරියාව අයිඑස් ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් වෙයි

2019-03-23 at 18:10

අයිඑස් ත්‍රස්තවාදීන්ගෙන් සිය රට සම්පූර්ණයෙන් නිදහස් කර ගත් බව සිරියාව අද නිවේදනය කළා.

බගූස් නුවර අත්පත්කරගෙන සිටි අවසන් අයිඑස් ත්‍රස්වාදීන් කන්ඩායමද විනාෂ කර දැමීමට හැකිවූ බවයි සිරියාව අද ජාත්‍යන්තරය වෙත දැනුම් දුන්නේ.

වසර කිහිපයක් පුරා සිරියාවේ වර්ග කිලෝමීටර අසූඅටදහසක ප්‍රදේශයක අයිඑස් ත්‍රස්වාදීන් ව්‍යාප්තව සිටියා.

සිය විජයග්‍රහණයෙන් ජයග්‍රාහී ධජ සිරියාව පුරා ප්‍රදර්ශණය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියාවෙන් අයිඑස් ත්‍රස්තවාදය තුරන් කළද නයිජීරියාව යේමනය ඇෆ්ගනිස්ථානය සහ පිලිපීනය යන රටවල මේ වන විටත් අයිඑස් ත්‍රස්තවාදීන් ව්‍යාප්තව සිටිනවා.

Please follow and like us: