සුඩාන කුමන්ත්‍රණය මෙහෙයවූ ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

2019-04-13 at 06:42

සූඩාන ජනාධිපති ධුරයෙන් ඕමාර් අල් බෂීර් මහතා නෙරපා හැරීමෙන් දිනකට පසු එම කුමන්ත්‍රණය මෙහෙයවූ එරට ආරක්ෂක අමාත්‍ය මෙන්ම යුධ හමුදා ප්‍රධානියාද වන අවාඩ් ඉබන් අවුෆ් ධුරයෙන් ඉල්ලා අස් වී තිඛෙනවා.

කෙසේවෙතත් ඊට නිශ්චිත හේතුවක් ඔහු විසින් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර ජනාධිපතිවරයා ඉවත් කලද ඔහුට සහය දෙන පිරිස් තවමත් පාලනය ගෙන යන බවට චෝදනා කරමින් සූඩාන ජනතාව වීදි බැස උද්ඝෝෂණවල නිරත වුණා.

ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඔවුන්ගේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Please follow and like us: