හොංකොං ගුවන් තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම් නැවත ඇරඹෙයි

2019-08-14 at 06:21

දින 2 ක් අඩාලවී තිබූ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ වී තිඛෙනවා.

විරෝධතාකරුවන් ගුවන් තොටුපළෙන් ඉවත්ව යමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා චීනයට ගෙනයාමට බලතල හිමිවන පණතකට විරෝධය පළකරමින් හොංකොං හි උද්ඝෝෂණ පැවැත්වෙන්නේ පසුගිය ජූනි මාසයේ සිටයි.

එය උත්සන්න වුයේ විරෝධතාකරුවන් පසුගිය ඉරිදා සිට එරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ග්‍රහණයට ගැනීමත් සමගයි.

ඊයේ දිනයේදී ආරක්ෂක අංශ සහ ඔවුන් අතර ගැටුම්ද හටගෙන තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.