Facebook ගිණුම් කෝටි 60 ක Passwords එහි සේවකයන් දන්නවාලු

2019-03-22 at 11:19

ෆේස්බුක් ගිණුම් කෝටි 60 ක පමණ පාස්වර්ඩ්ස් හෙවත් මුර පද ෆේස්බුක් ආයතනයේ සේවකයන්ට ලබාගත හැකි බව අනාවරණය වී තිඛෙනවා.

සේවකයන් විසි දහසකට පමණ ඉතා පහසුවෙන් පිවිසිය හැකි පරිදි එම මුරපද ගබඩා කර ඇති බවයි නවතම හෙළිදරව්වකින් තහවුරු වී ඇත්තේ.

2012 වසරේ සිට මෙම තත්වය පැවතී ඇති බව සඳහන්. කෙසේවෙතත් මෙම මුරපද බාහිර වශයෙන් නිරාවරණය වී නොමැති බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයද ප්‍රතිචාර දක්වා තිඛෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී මීට අදාළව මුල්වරට තොරතුරු හෙළිවූ බවත් එම අවස්ථාවේදීම අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කල බවත් ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කලා.

Please follow and like us: