Update: ඉන්දුනීසියා භූමිකම්පාවෙන් මියගිය ගණන 07 දක්වා ඉහළට

2021-01-15 at 09:46

ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනේ හටගත් භූමිකම්පාවෙන් මියගිය ගණන 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 640 කට ආසන්න පිරිසක් මේ වනවිට තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

ඉන්දුනීසියාවේ වේලාවෙන් අද අලුයම 01 ට පමණ මෙම කම්පනය හටගෙන තිබුණා.

බොහෝ පිරිසක් නින්දේ පසුවීම හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සඳහන්.