ද්විත්ව එන්ජින් සහිත ලොව විශාලතම ගුවන් යානය අහස සිපගනී

2020-01-26 at 08:52

ද්විත්ව එන්ජින් සහිතව නිර්මාණය කළ ලොව විශාලතම ගුවන් යානය බෝයිං සමාගම ගුවන්ගතකර තිබෙනවා.

777 X ලෙසයි මෙම යානය නම් කර ඇත්තේ.

එහි පළමු පර්යේෂණ ගුවන් ගමන අමරිකාවේ සියැටල් ගුවන්තොටුපලෙන් පිටත්ව පැය 4ක ගුවන් ගමනක් ලෙස අත්හදා බැලු බවත් එය ඉතා සාර්ථක වූ බවත් බෝයිං සමාගම නිවේදනය කළා.

කෙසේ වෙතත් මෙම යානය පිළිබඳ තවත් පර්යේෂණ කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති බවයි එම සමාගම පවසන්නේ.

ද්විත්ව එන්ජින් සහිත ලොව විශාලතම ගුවන් යානය වන මෙය දිගින් අඩි 252ක් වනවා.

මෙහි වටිනාකම අමරිකානු ඩොලර් මිලියනන 442ක්.

මේ වන විටත් ගුවන් යානා 309ක් සඳහා ඇණවුම් ලැබී ඇති බවයි බෝයිං සමාගම පවසන්නේ.