පිල් මාරුවකට රංගේට ආපු Call එක මෙන්න (AUDIO)

November 3, 2018

නව රජයට එක්වන ලෙෂ ඇරයුම් කරමින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 28 ක මුදලක තමාට ලබා දීමට විවිධ පාර්ශවතැත් කල බවට ඊයේ කල හෙලිදරව්වට අදාල හඩ පට කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද මාධ්‍ය හමුවේ අනාවරණ කළා.

අරලියගහ මන්දියේ අද කැදවා තිබු මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රිවරයා අදල හඩපට ඉදිරිපත් කරනු ලැබුවේ.

එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු තමන්ට ලබාදුන් දුරකථන ඇමතුම්වලට අදාල පටිගතකල හඩපට ඒ අතර වන බවයි.

රජය සමග එක්වන්නේනම් මුදල් ලබාදීමට සූදානම් බවට නව රජයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු තමන්ට ලබාදුන් දුරකථන ඇමතුම්වලට අදාළ තවත් හඩපට කිහිපයක්ද ඉදිරියේදී මාධ්‍යවෙත ඉදිරිපත් කරන බවයි පාලිත රංගේ බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවේදී සදහන් කලේ.

එම හඩපට සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිිල්ලක් ඉදිරිපත් කරන බවද පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතාද එක්ව සිටියා.

පාලිත රංගේ බණ්ඩාර මහතාට ලැබුණු බව පැවසෙන තවත් දුරකථ ඇමතුම් දෙකක් පිලිබද කරුණු තුෂාර ඉදුනිල් මන්ත්‍රිවරයාද මෙලෙස පැහැදිලි කළා.