ලසන්ත ඝාතනය කර වසර 10 යි

2019-01-08 at 06:59

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 10 ක් සපිරෙනවා.

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2009 වසරේ ජනවාරි 8 වනදා පෙරවරු 10 යි 30 ට පමණ ගල්කිස්ස අත්තිඩියේදී ඔහු ඝාතනයට ලක්වුණා.

මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවූ බවයි.

කෙසේවෙතත් එය වෙඩි තැබීමක් හේතුවෙන් සිදුවූයේද ආයුදයකින් පහරදීම නිසා සිදුවූයේද යන්න තවමත් අවිනිශ්චිතයි.

ජාත්‍යන්තර සම්මාන ගණනාවකින්ද පිදුම් ලැබූ ලසන්ත වික්‍රමතුංග මහතා සැළකෙන්නේ දක්ෂ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙසටයි.

පැවති නිදහස් සන්ධාන රජය සමයේ සිදුවූ බව කියන මිග් යානා ගණුදෙණුව සම්බන්ධයෙන් ඔහු විසින් රචනා කරන ලද ලිපි ඉමහත් ආන්දෝලනයට තුඩු දුන්නා.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හමුදා නිළධාරීන් කිහිප දෙනෙකුද අත්අඩංගුවටද ගැණුනා.

Please follow and like us: