ලෝක කම්කරු දිනය අද

2021-05-01 at 06:26

Japan WORKERS

ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.

1886 වසරේ මැයි පළමු වනදා අමෙරිකානු කම්කරුවන් පිරිසක් තම වැඩ මුරය පැය 8 කට සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරදී පැවැත්වූ විරෝධතාවකට එල්ලවූ ප්‍රහාරය මුල් කරගෙනයි ලෝක කම්කරු දින සැමරුම ආරම්භ වූයේ.

එම වැඩවර්ජනය දින 3 ක් පැවති අතර ඊට එල්ලවූ පොලිස් ප්‍රහාරයකින් කම්කරුවන් 4 දෙනකු මිය ගොස් තිබුණා.

පසුව එය ගැටුමක් දක්වා වර්ධනයවී පොලිස් නිලධාරීන් 6 දෙනකුද මිය ගිය අතර වර්ජනයට මුල්වූ වෘත්තීය සමිති නායකයින්ට සිර දඩුවම් නියම කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එය සිහිකරමින් 1889 වසර් දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ සෑම වසරකම මැයි පළමුවනදා ලෝක කම්කරු දිනය සැමරීමටයි.

ශ්‍රී ලංකාවේ පලමු මැයි දින සමරුව 1927 වසරේදී පැවැත්වුණා.