RDMNS ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙවරත්

2019-08-10 at 16:56

BLOOD DONATION

එදිනෙදා දුම්රියේ ගමන් ගන්නා දිවයින පුරා විසිරී සිටින සාමාජිකයන් 73000 කට අධික පිරිසකගෙන් සැදුම්ලත් රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය (www.rdmns.lk) විසින් සිදු කරන නොයෙකුත් සමාජ සේවා වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් වන ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස යෙදෙන RDMNS සමූහයේ තෙවැනි සංවත්සරය වෙනුවෙන් මෙවරත් ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව පැවැත්වීමට සූදානම් කර තිබේ.

ඒ අනුව මෙම වැඩසටහන 2019 අගෝස්තු මස 17 වන සෙනසුරාදා දින උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 05 නාරාහේන්පිට , ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ සදහා සහභාගි වී, රුධිර පරිත්‍යාග කිරීම සඳහා ඔබ වෙත ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.!