YouTube ට ඩොලර් මිලියන 170 ක දඩයක්

2019-09-04 at 19:48

කුඩා ළමුන්ගේ පුද්ගලිකත්වය කඩ කිරීමේ චෝදනා මත යූ ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170 ක දඩයක් පණවා තිඛෙනවා.

ඒ අමෙරිකානු ෆෙඩරල් වෙළඳ කොමිසම විසිනුයි.

මෙම දඩය ගෙවීමට යූ ටියුබ් හිමිකාරීත්වය දරන ගූගල් ආයතනය එකගතාවය පළකර තිඛෙනවා.

දෙමව්පියන්ගේ අනුමැතියකින් තොරව වයස අවුරුදු 13 ට අඩු දරුවන්ගේ දත්ත එක්රැස්කල බවටයි යූ ටියුබ් වෙත චෝදනා එල්ල වී ඇත්තේ.

1998 දී සම්මත කරගනු ලැබූ ළමා පුද්ගලිකත්වය ආරක්ෂණ පණතට පටහැණි ක්‍රියාවක් ලෙසටයි එය සැළකෙන්නේ.