අයිෂ්වර්යා සහ දියණියටත් කොරෝනා

2020-07-12 at 15:17

බොලිවුඞ් සුපිරි නිළි අයිෂ්වර්යා රායි බච්චන් සහ දියණිය ආරාධ්‍යා බච්චන්ටද කොවිඞ්19 වෛරසය වැළඳී තිබෙනවා.

කෙසේවෙතත් ඇයගේ නැන්දණිය වන ජයා බච්චන්ට වෛරසය ආසාධනය වී නොමැති බවයි ඉන්දීය වාර්තා තහවුරු කරන්නේ.

සුපිරි නලු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් වන අයිෂ්වර්යාගේ ස්වාමි පුරුෂයා වන අභිෂේක් භච්චන්ටද මේ වනවිට වෛරසය වැළඳී මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවනවා.