එංගලන්තය කාර්ය බහුල ක්‍රිකට් තරග සමයක් අභියස ?

2020-05-22 at 08:41

එංගලන්ත ක්‍රිකට් සංචාරයකට එක්වීමට ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමු වී තිබෙනවා.

ලබන ජුලි මාසයේදී ඔස්ටේ්‍රලියා එංගලන්තයේදී එක් දින හා 20 යි 20 ක්‍රිකට් තරඟමාලා දෙකකට සහභාගී වීමටයි සැලසුම් කර තිබුණේ.

එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් එය අවිනිශ්චිත තත්වයට පත් වුණා.

එහෙත් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමට නව කාල සටහනක් යටතේ එංගලන්තයේ සංචාරය කළ හැකි වාතාවරණයක් නිර්මාණය වනු ඇති බවයි ඔස්ටේ්‍රලියා බලධාරීන්ගේ මතය වන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් පිල හා පාකිස්ථානයද ඉදිරි මාස කිහිපය ඇතුළත එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි