ඕමානයේ සිට පැමිණි 5 කට කොරෝනා – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාධිතයන් 2047 දක්වා ඉහළට

2020-06-30 at 17:37

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

ඔවුන් සියලු දෙනා ඕමානයේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මේ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 325 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 757 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 49 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

ඊයේ දිනයේදී තවත් 33 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1711 දක්වා ඉහළ යනු ඇති.