කල් දැමුණු ටෙස්ට් තරගමාලා අවලංගු කරන්න සිදුවේවි – BCB

2020-06-28 at 13:46

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු ටෙස්ට් ක්‍රිකට් තරඟමාලා නැවත පැවැත්වීම දුශ්කර වනු ඇතැයි බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා අතිරේක කාලසිමාවක් සොයා ගැනීම ප්‍රායෝගික නොවන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ටෙස්ට් ක්‍රිකට් කාල සටහනේ කාලසීමාව දික් කර තිබෙනවා.

එහෙත් මගහැරුණූ තරඟ පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි බංගලිදේශ ක්‍රිකට් බලධාරීන්ගේ මතය වන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට බංගලිදේශයට ටෙස්ට් ක්‍රිකට් තරඟ 8 ක් අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව පාකිස්ථානය ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තයට එරෙහිවයි ඒවා පැවැත්වීමට නියමිතව තිබුණේ.