කොරෝනා වසංගතයේ දරුණුම ස්වභාවය ඉදිරියේදි – WHO

2020-06-30 at 06:50

කොරෝනා වෛරසයේ දරුණුම ස්වභාවය තවමත් පැමිණ නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රස් ඇඩනම් මහතාගේ මතය වන්නේ කොරෝනා ව්‍යප්තියේ බරපතලම ස්වභාවයට මුහුණ දීමට සිදුවන්නේ ඉදිරිකාලයේදී බවයි.

තවත් කොරෝනා වසංගතය අවසානවීමේ තත්වයට කිසිදු ආකාරයකින් ළඟා වී නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

ලොව පුරා මේ දක්වා හඳුගෙන ඇති කොරෝනා ආසාධිතයින් ගණන එක්කෝටි හාර ලක්ෂයක ඉක්මවා තිබෙනවා.

මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 7 දහසකට වැඩි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.