කොවිඞ්19 ගෝලීය ප්‍රතිචාරය නැවත විමසුමකට ලක් කිරීමට විද්වත් කමිටුවක්

2020-07-09 at 18:50

කොවිඞ්19 වසංගතයට ගෝලීය වශයෙන් දැක්වූ ප්‍රතිචාරය නැවත විමසුමකට ලක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය හෙලන් ක්ලාර්ක් මෙන්ම ලයිබීරියාවේ හිටපු ජනාධිපති එලන් ජොන්සන්ද ඊට අයත්.

එක් එක් රටවල් විසින් වසංගතයට මුහුණදුන් ආකාරය පිළිබඳ විමසා ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තාවක් ඉදිරිපත් කිරීමයි මෙම කමිටුවට පැවරී ඇත්තේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාවද මෙහිදී විමසා බැලෙන බව සඳහන්.

මේ අතර ඉන්දියාවෙන් එක් දිනයකදී සටහන් වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී සටහන් වී තිබෙනවා. ඒ 24 879 ක් ලෙසයි.

මේ අනුව එරට මුලු ආසාධිතයන් ගණන 767 296 දක්වා ඉහල යන අතර මරණ ගණන 487 කින් වැඩිවීමත් සමග මුලු මරණ සංඛ්‍යාව 21 129 ක් දක්වා වැඩි වනු ඇති.