කොවිඩ් හමුවේ 2021 IPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමේ

2021-05-04 at 13:15

කොවිඩ් අවධානම හමුවේ 2021 අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අයි පී එල් තරග සංවිධායක මණ්ඩලයේ සභාපති බි්‍රජේෂ් පටේල් මහතායි මේ බව නිළ වශයෙන් නිවේදනය කළේ.

තරගාවලියේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ අයෙක් කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු විම හමුවේයි මෙම පියවර ගෙන ඇත්තේ.

කොරෝනා ආසාදනය වු පිරිස අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් / චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු වන එස් බලාජි ඇතුලු දෙදෙනෙක් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්ද වනවා.