ගතවූ පැය 24 තුළදී මෙරට කිසිදු කොවිඞ් ආසාධිතයෙකු සුවය ලබා නෑ

2020-07-13 at 14:16

ගතවූ පැය 24 තුළදී මෙරට කිසිදු කොවිඞ්19 ආසාධිතයෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට ආසාධිතයන් 2617 දෙනා අතුරින් 625 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 08 ක ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඉන් 365 දෙනෙකු කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේයි ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

මෙරට ආසාධිතයන් අතුරින් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 1981 ක්.

මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 112 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

දැනට මෙරටින් හමුවී ඇති ආසාධිතයන් අතුරින් 830 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වනවා.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාධිතයන් ගණන 473 ක්.