ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමේ අවදානමක්

2020-05-22 at 08:29

ලබන වසරේදීත් පැවැත්වීමට නොහැකි වුවහොත් ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදු වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා.

කමිටු ප්‍රධානී තෝමස් බැච් මහතා පෙන්වා දෙන්නේ ඔලිම්පික් තරඟමාලාවක් වසර කිහිපයක් කල් දැමිය නොහැකි බවයි.

කොරෝනා වසංගතය හේතුවෙනුයි මෙවර ඔලිම්පික් උළෙල ලබන වසර තෙක් කල් දමා ඇත්තේ.

එහෙත් කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේදී පවා එය පැවැත්විය නොහැකි බවට ඇතැම් පාර්ශව අනතුරු අඟවා තිබෙනවා.

ජපානය පවසා ඇත්තේ ලබන වසරේදී පැවැත්වීමට නොහැකි වුවහොත් ඔලිම්පික් උළෙල තවත් කල් නොදමා අවලංගු කරන බවයි.