තවත් 33 කට සුවයි – සුවය ලැබූ මුලු ගණන 1700 ඉක්මවයි

2020-06-30 at 12:14

coronavirus recoveries

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 33 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1711 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී අයි ඩී එච් රෝහලින් 09 දෙනෙකුද / කාත්තන්කුඩි හා තෙල්දෙණිය රෝහල්වලින් 08 දෙනා බැගින්ද / හම්බන්තොට රෝහලින් 04 දෙනෙකුද / වැලිකන්ද රෝහලින් දෙදෙනෙකුද / ඉරණවිල හා මිනුවන්ගොඩ රෝහල්වලින් එක් අයෙකු බැගින්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී හඳුනාගත් ආසාධිතයන් ගණන 05 ක් වන අතර මේ දක්වා තහවුරු කරගෙන ඇති සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 2042 ක්.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 320 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 752 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 49 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.