දිල්ලි Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කරයි

2021-05-02 at 09:00

ඉන්දියාවේ දිල්ලි අගනුවරට පණවා ඇති සංචරණ සීමා තත්වය තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

එය අවසන්වීමට නියමිත වූයේ හෙට අලුයම 05 ටයි. එහෙත් පවතින තත්වය තවදුරටත් යහපත් නොවීම හමුවේ තවත් සතියකින් සංචරණ සීමා පැණවීම දීර්ඝ කෙරුණු බවයි දිල්ලි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් නිවේදනය කලේ.

මේ අතර ඊයේ දිනයේදීත් ඉන්දියාවෙන් ආසාධිතයන් තුන් ලක්ෂ 92 දහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.

මරණ සංඛ්‍යාව 3688 ක්.