නිරෝධායන මධ්‍යස්ථාන 9 කින් තවත් 224ක් අද නිවෙස් වෙත

2020-09-16 at 07:36

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 9 කින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 224 දෙනෙක් අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 41 දහස් 192 ක්.

ත්‍රිවිධ හමුදාව මගින් පාළනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුල පුද්ගලයින් 6255 ක් මේ වන විට නිරෝධායනයට ලක්වනවා.

අද අලුයම දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයින් 24 ක් / ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි අයෙක් හා ඉන්දියාවේ මුම්බායි සිට තුන් දෙනෙක්ද මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන සදහා යොමු කර ඇති බවයි යුද්ධ හමුදාව නිවේදනය කළේ.