නොරොච්චෝලේ සේවකයන් 04 ක් සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් PCR පරීක්ෂණවලට

2020-05-23 at 11:39

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ සේවකයන් 04 දෙනෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ පී සී ආර් පරීක්ෂණවලට යොමුකර තිබෙනවා.

ඒවායෙහි ප්‍රථීඵල අද දිනය තුළ ලැබීමට නියමිත බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ.

ලක් විජය බලාගාරයේ අධියර තුනෙහිම සේවයේ නියුතු සංඛ්‍යාව 600 කට ආසන්නයි.

ඔවුන් සියලු දෙනා නේවාසිකව සිටිමින් සේවයට පැමිණෙන්නන් බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා කියාසිටියේ.

පරීක්ෂණවලට භාජනය කල සේවකයන් 04 දෙනාගේ ප්‍රථිඵල වාර්තා අනුව ඉදිරි පියවර තීරණය කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කලේ.