පාකිස්ථාන පිලේ තවත් ක්‍රීඩකයින් පිරිසක් එංගලන්තයට

2020-06-30 at 17:05

එංගලන්ත සංචාරයට එක්වීමට පාකිස්ථානයේ තවත් ක්‍රීඩකයිනින් හය දෙනෙකුට අවස්ථාව උදා වී තිබෙනවා.

වහාබ් රියාස් / මොහොමඞ් හෆීස් / ෆාකර් සාමාන් / මොහොමඞ් රිස්වාන් / ශදාබ් ඛාන් සහ මොහොමඞ් හස්නයින් ඔවුන් හය දෙනායි.

දෙවන වරටත් ඔවුන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව කිසිවෙකුට වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට ලාහෝර් නුවර හෝටලයක නිරෝධායන වන ඔවුන් මෙම සති අන්තයේ එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

පසුගිය එංගලන්තයට ගිය පාකිස්ථාන පිලේ ක්‍රීඩකයින් 20 දෙනෙකු නිරෝධායන සීමා යටතේ පුහුණූවීම්වල නිරතව සිටිනවා.

ක්‍රීඩකයින් 29 දෙනෙකු එකවර එංගලන්තය බලා පිටත්ව යාමට සුදානම්ව සිටියද ඔවුන්ගෙන් පිරිසකට කොරෝනා ආසාධනයවිී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වුණා.

එබැවින් පළමු අධියරේදී එංගලන්තය බලා ක්‍රීඩකයින් 20 දෙනෙකු පිටත් කර හැරීමටයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේ.

සංචාරක පාකිස්ථාන ක්ණඩායම හා එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ තුනක් සහ 20 යි 20 තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.