බංග්ලාදේශයේ සිටින ලාංකිකයන් 273 ක් ගේන්න විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට

2020-05-23 at 14:41

sri LANKAN SRILANKAN

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1422 දරන විශේෂ ගුවන් යානයයි මෙලෙස ඩකා නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ.

එය අද රාත්‍රී 7.45 ට ලාංකික මගීන් පිරිස ද රැගෙන යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.