බැංගලෝරයට යළිත් අගුලු දැමේ

2020-07-12 at 09:52

කොවිඞ් ආසාධිතයන් හමුවීම නැවත වරක් ඉහළ යාමත් සමග ඉන්දියාවේ බැංගලෝර් නගරය අනිද්දා රාත්‍රී 8 සිට නැවත වරක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ජූලි 22 වනදා අලුයම 5 තෙක් එය බලාත්මකයි.

කෙසේවෙතත් ආහාර අලෙවි සැල් මෙන්ම ඔසු සැල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන පමණක් විවෘතව පවතිනු ඇති.

කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බී එස් යෙදියුරප්පා මහතා පැවසුවේ මේ වනවිට ප්‍රාන්තය කලාප 8 කට බෙදා විශේෂ පරීක්ෂණ මාලාවක්ද ආරම්භ කර ඇති බවයි.

බැංගලෝර් නගරයෙන් ගතවූ පැය 24 තුළ ආසධිතයන් 1533 ක් හමුවුණා.

එහි මේ වනවිට මුලු ආසාධිතයන් 16 862 ක් සහ කොවිඞ් මරණ 229 ක් සටහන් වනවා.