මාලේ සිට ලාංකිකයන් 178 දෙනෙකු මත්තලට

2020-07-13 at 14:07

මාලදිවයින තුළ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මොවුන් මාලදිවයිනට අයත් දූපත් වල සංචාරක හෝටල් කිහිපයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව සඳහන්.

මෙම ගුවන් මගීන් පිරිස පස්වරු 1.30 ට පමණ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් මත්තල ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කෙරුණු බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු කියාසිටියේ.