මැතිවරණ මාර්ගෝපදේශ ගැසට්ටුව නිකුත් නොවීම ගැන PHI ලා කණස්සල්ලෙන්

2020-07-13 at 18:58

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් නොවීම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති බවයි.

එහෙත් තවමත් එය ඉටු නොවීම හමුවේ සිය කටයුතුවලට නීතිමය බලයක් ලැබී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කලා.