මෙරට කොරෝනා රෝගීන් ගණන 3,382 දක්වා ඉහළට

2020-10-01 at 16:50

AIR PORT COVID CORONA

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තාවන කොරෝනා රෝගීන් ගණන 3382 දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගැනීමත් සමගයි.

එම රෝගීන් දෙදෙනාම ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 03 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 3233 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී වැලිකන්ද රෝහලේ සිටි 02 දෙනෙකු හා හම්බන්තොට රෝහලේ සිටි 01 අයෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාධිතයන් අතුරින් විදේශිකයන් 23 දෙනෙකු ඇතුලූ 136 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 1397 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 49 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.