මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2350 දක්වා ඉහළට

2020-07-10 at 11:06

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2350 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනය තුළ හඳුනාගත් ආසාධිතයන් 196 දෙනාද සමගයි.

ඔවුන් සියලු දෙනා කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වනවා.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 360 ක්.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට ආසාධිතයන් අතුරින් 906 දෙනෙකු නාවික හමුදාවේ වන අතර 802 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වනවා.

මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1979 ක්.