රාජ්‍ය සේවකයින්ට ලබා දුන් සහන වත්මන් රජය කපා හැරලා – හේෂා විතානගේ

2020-07-10 at 16:58

hesha vithanage unp

යහපාලන රජය රාජ්‍ය සේවකයින්ට ලබා දුන් සහන වත්මන් රජය කපා හැර ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා මෙම අදහස් පල කළා.

බඩුමිල අඩු කරන බවට ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවයි හේෂා විතානගේ මහතා සඳහන් කළේ.