ලොව පුරා කොරෝනා ආසාධිතයන් එක් කෝටි 80 ලක්ෂය ඉක්මවයි

2020-08-02 at 08:19

ලොව පුරා කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව එක් කෝටි 80 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ ගෝලීයව නව ආසාධිතයන් දෙලක්ෂ 47 දහස් 478 ක් වාර්තා වුණා.

ඒ අනුව ලොව පුරා සමස්ත කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව පවතින්නේ එක් කෝටි 80 ලක්ෂ 186 ක් ලෙසයි.

ඊයේ වැඩිම ආසාධිතයන් වාර්තා වූයේ අමෙරිකාවෙන් වන අතර එය 58 දහස් 429 ක්.

ඉන්දියාවෙන් ආසාධිතයන් 54 865 ක්ද බ්‍රසීලයෙන් ආසාධිතයන් 42 578 ක්ද සටහන් වී තිබෙනවා.

මේ වනවිට ලොව පුරා සමස්ත කොවිඞ් මරණ ගණන පවතින්නේ 6 ලක්ෂ 87 දහස් 812 ක් ලෙසයි.

මේ අතර කොරෝන වසංගතය පාලනයට අපොහොසත් වූ බවට චෝදනා කරමින් වහා ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

ජෙරුසලම් – ටෙල් අවීව් ඇතුලු නගර රැසක විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.