ලොව වැඩිම කොරෝනා ආසාධිතයන් ඊයේ – ද. අප්‍රිකාවේ මත්පැන් අලෙවිය යළි තහනම්

2020-07-13 at 07:57

පැය 24 ක් තුළ ලොව පුරා වැඩිම කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී සටහන් වී තිබෙනවා.

ඒ 230 370 ක් ලෙසයි. ඊයේ දිනයේදී වැඩිම ආසාධිතයන් ගණන වාර්තාවූයේ අමෙරිකාවෙනුයි.

එය 58 228 ක්. බ්‍රසීලයෙන් 25 364 ක් සහ ඉන්දියාවෙන් 29 108 ක් ලෙස ගතවූ පැය 24 තුළ රෝගීන් සටහන් වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් කොවිඞ්19 ආසාධිතයන් 34 ලක්ෂ 13 874 ක්ද බ්‍රසීලයෙන් 18 66 176 ක්ද ඉන්දියාවෙන් 879 466 ක්ද වාර්තා වනවා.

දැනට ලොව පුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ 571 076 ක් ලෙසයි.

මේ අතර නැවත වරක් කොරෝනා ආසාධිතයන් හමුවීම ඉහළ යාමත් සමග නැවත වරක් නව රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබෙනවා.

මත්පැන් අලෙවිය තහනම් කිරීම / රාත්‍රී ඇඳිරි නීතිය පැණවීම සහ මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීම ඊට අයත්.