සයිබර් ප්‍රහාරවල කැපීපෙනෙන ඉහළ යාමක්

2020-05-23 at 14:29

ලොව පුරා නිරෝධායන වැඩසටහන් ක්‍රියාත්මක වන කාලසීමාවේ සයිබර් ප්‍රහාර ඉහළ ගොස් ඇතැයි තොරතුරු හෙළි වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා සපයන ආයතන හා සංවිධානද ඒවායෙහි ඉලක්ක වී ඇති බවයි.

පසුගිය කාලසීමාවේ ව්‍යාජ ඊ මේල් පණිවුඩ යැවීම සියයට 600 කින් ඉහළ ගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවල දැක්වෙන්නේ සෑම තත්පර 39 කටම වරක් ලොව කොතැනක හෝ ස්ථානයක සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.